අතීතයේදී ලුණුගල ජනපද දරැවන් සදහා ඉගෙනීමට පාසලක් නොතිබුනු අතර දරැවන් ඒ සදහා පා නැගුවේ පැරණි පාසලක් වන මොරටුවගම පාසලටයි.කදුවැටිය තරණය කරමින් දුෂ්කර ගමන් මාර්ගයක අනතුරුදායක ලෙස මෙම පාසලට යාම අවධානම් බව කවුරුත් තේරුම් ගත් කරැණකි. මෙම අඩුපාඩුව තෙුරුම් ගත් ඒවකට ගමේ ප්‍රධානීන් ලෙස කටයුතු කළ විහාරාධිපති රත්තනදෙනියේ සංඝරතන ස්වාමීන් වහන්සේ විශ්‍රාමලත් විදුහල්පති J.B.අලහකෝන් මැතිතුමා සහ ඒවකට ගමේ ප්‍රධානීන් ඒක්ව ශ්‍රී බෝධිරුක්කාරාම විහාරයේ බණ මඩුවක ළමුන් 04 දෙනෙකුගෙන් පාසල ආරම්භ කෙරුණි.ඒහි මුල් ගුරුවරැ ලෙස D.M.දිසානායක මහතා සහ H.M.කරැණාවතී මහත්මිය ස්වේච්ජාවෙන් කටයුතු කිරීමට ඉදිරිපත් විය.ඒ් වර්ෂ 1969 දීය.
පසුව ළමුන් වැඩිවීමත් සමග වර්තමානයේ පාසල පිහිටි ස්ථානයේ ඉලුක් සෙවිලි කළ ගොඩනැගිල්ලකට ගෙන ආ අතර පසුව ඒම ගොඩනැගිල්ල ගින්නෙන් විනාශ වීම නිසා නව ගොඩනැගිල්ලක් සාදා 1972 සැප්තැම්බර් මස පළමු (01) වන දින රජයට පවරා ගත් අතර ලුණුගල ජනපද විද්‍යාලය නමින් නම් කරන ලදී.
1972 සිට 1975 දක්වා ප්‍රාථමික පාසලක් ලෙස තිබුණි.අධ්‍යාපනය හදාරන්නට අද පාසල පැවැත්වෙන ස්ථානයට ගෙන ආ මෙම පාසල 1972 සැප්තැම්බර් 01 දින රජයට පවරාගත් පාසලක් බවට පත්විය.1976 දි 6 වසර පන්තිය ආරම්භ කරන ලද අතර 1998 දී මහා විද්‍යාලයක් බවට පත් කරන ලදී.එතැන් සිට ක්‍රමිකව ගුරු භවතුන්ගේ සහාය ඇතිව අධ්‍යාපන කටයුතු කරගෙන ගිය අතර 1980 වර්ෂයේ මුල් වරට අ.පො.ස (සා/පෙළ)විභාගය සදහා සිසුන් ඉදිරිපත් කළ අතරඑම විභාගයෙන් විශිෂ්ඨයින් බිහිවී පාසලට කීර්තියක් ලබා දුනි.
ඒ වන විට ස්ථිර ගොඩනැගිලි 02 ක් පැවති අතර අද වන විට ශාලා 5 ක්ද පරිගණක ඒකකයක් විද්‍යා කාමරයක් පුස්තකාල පහසුකම් වැසිකිලි පද්ධති ගුරු නිවාස සහිත විශාල පරිවර්ථනයකට භෞතික වශයෙන් පත්ව ඇත.මේ වන විට සෑම විෂයකටම ඉගෙනුම් කාර්යය සදහා අවශ්‍ය සියලුම ගුරුභවතුන්ගෙන් සපිරුණු මානව සම්පත ඉහළ පාසලක් පමණක් නොව විෂය හා විෂය සමගාමී (ක්‍රීඩා, පරිගණක) කටයුතුවලින් ජාතික තලය දක්වා පාසලේ නම රැදවූ කීර් තිමත් පාසලකි.
වර්තමානය වන විට උසස් පෙළ කලා අංශය සහිත පාසලක් වන අතර රටේ විවිධ ක්ෂේත්‍රවල ඉහළ තනතුරු දරන විශාල ආදිශිෂ්‍ය පිරිසකට හිමිකම් කියන පාසලක් ලෙස අගය කළ හැකිය.






