පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
- සුදු අත්කොට කමිසය. (වැලමිටෙටෙ අත නැමූ විට අංශක 90) කමිසයේ කෙළවර අතෙහි පහල බාහුවෙහි ස්පෂ විය යුතුය. පාසල් ලාංජනය කමිස සාක්කුවෙහි දකුණු පස ඉහළ කෙළවර මසා තිබිය යුතුය
- කමිසයේ බද හා අත් හිර නොවිය යුතුය
- නිල් පාට කොට කලිසම ඉන නාභිය දක්වාද පහළ කොටස දනහිසින් අගල් ෙදකක් ඉහලට තිබිය යුතුය.(ඉදිරිපස රැලි දෙකත් සහිතව)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- සුදු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.


පිරිමි ළමුන් (10-13)
- ආභරණ (මුදු මාල වළලු )පැලදීමෙන් වැලකිය යුතුය.වර්ණ පිරිත් නූල් හෝ කබ වැනි පිරිත් නූල් පැලදීම ත
- කොන්ඩය කොටට කපා පැත්තට පීරා තිබිය යුතු අතර විවිධ ආලේප වර්ග හෝ වර්ණ ගැන්වීමෙන් වැළකිය යුතුය.
- කලු සපත්තු හා සුදු මේස් පැලදිය යුතුය.
- පාදවලට හිර නොවූ සුදු දිග කලිසමේ පහළ කෙලවර අගල් 15 විය යුතුය.
- ඉදිරිපස රැලි දෙකක් සහිතව ලූප්ස් නොමැතිව ද්විත්ව මැස්ම නොමැතිව මැසිය යුතුය
- සුදු පාට දිග කලිසම ඉන නාභිය දක්වා ඇදිය යුතුය.
- කමිසයේ බද හා අත් හිර නොවිය යුතුය
- සුදු අත්කොට කමිසය. (වැලමිටෙන් අත නැමූ විට අංශක 90) කමිසයේ කෙළවර අතෙහි පහල බාහුවෙහි ස්පර්ෂ විය යුතුය. පාසල් ලාංජනය කමිස සාක්කුවෙහි දකුණු පස ඉහළ කෙළවර මසා තිබිය යුතුය

ගැහැණු ළමුන් (1-13)
- පාසලේ කිසිදු ළමයෙක් ඇහිබැම සකස් කිරීමෙන් වැළකිය යුතුය.
- නිය ආලේපන ගැල්වීමෙන් හා නියපොතු වැවීමෙන් වැළකිය යුතුය..
- කිසි විටෙකත් ගල් ඇල්ලූ හෝ ප්ලාස්ටික් කරාබු නොදැමිය යුතුය.
- කොන්ඩය ගෙතීමට තරම් දිග නොවේ නම් (කර තෙක් දිග නොමැති)කොන්ඩය දෙපසට වන සේ බැදිය යුතු අතර එසේත් නැති නම් කොළරයේ නොගෑවෙන සේ කොන්ඩය කැපිය යුතුය.කොන්ඩය ඉතා කොට නම් පාසල් ශිෂයාවකට ගැලපෙන සේ කොන්ඩය කොටට කපා පැත්තෙන් බෙදා නළල පෙනෙන සේ සකස් කළ යුතුය.
- කොන්ඩය ගෙතීමට හැකිනම් ගොතා නවා රිබන් පටියකින් ගැටගැසීම අනිවාර්ය වේ.
- ලේස් සපත්තු පැළදිය යුතු අතර සුදු පැහැති දිග මේස් දමා දෙවතාවක් නැවිය යුතුය.
- නිළ ඇදුමට ප්ලාස්ටික් බොත්තම් ඇල්ලීමෙන් වැලකිය යුතුය.
- ටයි පටිය පැලදීමේදී එහි දිග තම නිල ඇදුමේ ඉන සි අගල් දෙකක් පහලට වන සේ තිබිය යුතුය.
- දනින් සිටගත් විට පොලොවේ ගෑවෙන නොගෑවෙන මට්ටම දක්වා ගවුම දික්වීම අනිවාර්ය වේ.
- ඇදුමේ යට වාටිය අගල් දෙකකින් යුක්ත විය යුතුය.
- නිල ඇදුමේ එක රැල්ලක් අගල් 1 ½ වන සේ මැසිය යුතුය.
- වැලමිට ලගින් අත නැමූ විට වැලමිටෙහි කෙලවර ඉන පිහිටිය යුතුය.
- ඇදුමේ ඉදිරිපස විවරය බෙල්ලේ සිට පපුව තෙක් පමණක් පහළ විය යුතුය
- ඇදුමේ අතෙහි දිග අගල් 06 ක් පමණ විය යුතු අතර එහි වාටිය අගලක් විය යුතුය.එම වාටිය ඇතුල් පැත්තට වනසේ මැසිය යුතුය.








