විදුහල්පති පණිවිඩය
R.G. නුවන් ආරියසිරි මයා
මො/ ලුණුගල යෝධවැව මහ විද්‍යාලය වන අප විද්‍යාලය රත්තන දෙනියේ සංඝරතන හිමිපානන්ගේ හා ජේ.එම් අලහකෝන් මහතාගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කර විදුහල්පති තුමන්ලා 6 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන ඇත. වසර 52 පමණ ඉතිහාසයක් ඇති අප පාසල මොනරාගල දිස්ත්‍රික්කයේ කීර්තිමත් පාසලකි
ශ්‍රී ලංකාද්වීපය තුළ විවිධ තලයේ කටයුතු කරන, කළ උගතුන් රාශියක් බිහිකර ඇති මෙම විද්‍යායේ දැනට ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 327 කිගෝලීය අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් කෙනෙකුගේ බලපෑම යහපත්ද අයහපත් ද යන්න පිළිබඳ වන මතයේ වුවද ඒ පිළිබඳව ධනාත්මකව සිතීම හා කටයුතු කිරම කාලෝචිත වනු ඇතැයි සිතමි.තාක්ෂණය භාවිතය පාසල් පද්ධතිය තුළ වැඩි අඩු පරතරයෙන් පවතින්නේ ඊට අදාළ භෞතික සම්පත් බෙදීයාමේ විෂමතාවය හා දැනුම ලබා දීමේ මානව සම්පත් ඌනතාවය නිසයි.
එහෙත් අප විද්‍යාලයේ පවතින සීමිත සම්පත් කළමනාකරණය කරමින් තාක්ෂණ විෂය භාර ගුරුවරිය එහි ප්‍රයෝජන උපරිමයෙන් දරුවන් වෙනුවෙන් ලබා දීම ඉතා අගය කොට සලකමි.පාසලේ තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාමේදී දැනට පවත්වාගෙන යනු ලබන ක්‍රියාකාරකම් මෙම වෙබ් අඩවි නිර්මාණ කාර්ය හා මුසුකොට වඩාත් ඵලදායි තොරතුරු හුවමාරුව හා සන්නිවේදනය දරුවන් සදහා වඩාත් කාර්යක්ෂම වූ අධ්‍යාපන ක්‍රියාවලියක් නිර්මාණය කළ හැකි බව පවසන්නේ ඉතාමත් සතුටිනිමෙම පාසල් අපේක්ෂාවන් සඵල වී දරුවන්ගේ අධ්‍යන කාර්යක්ෂම බවට පත් කර ගැනීමට සියලු දෙනාටම ශක්තිය ධෛරය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
R.G. නුවන් ආරියසිරි මයා
විදුහල්පති
මො/ලුණුගල යෝධවැව මහා විද්‍යාලය.






