මො/ලුණුගල යෝධවැව මහා විද්‍යාලය
පාසල් විනය පද්ධතිය
පාසල ආරම්භය හා අවසානය
- උදෑසන 7.20 ට පෙර පාසලට පැමිණීම අනිවාර්ය වේ
- පාසලේ පිරිසිදු කිරීම් වලට සකියව දායක විය යුතු අතර උදෑසන 7.25 ට පෙර නිම කළ යුතුය
- මානසික ඒකාගතාවය රැකෙන සේ නිශ්ශබ්දව සීන්වට අනුගත විය යුතුය
- උදෑසන පාසල ආරම්භ කිරීමේදී සූදානම් වීම පංතිය තුල නිශ්ශබ්දතාවය රැකීම හා ගාථා සජ්ජායනය සදහා සීනුව නාද කරන විට එම විධානයට අවනත විය යුතුය
- උදෑසන රැස්වීමට පැමිණීමේදීත් අවසන්ව යාමේදීත් පේලියට යා යුතු අතර රැස්වීම ආරම්භයේ සිට අවසානය දක්වාම නිශ්ශබ්දතාවය පවත්වා ගත යුතුය
- පාසල අවසානයේදී අවසාන සීනුව නාද වන විට පන්තියේ රැදී සිට ගාථා සජ්ජායනය කිරීමෙන් පසු පේලි සෑදී පන්තියෙන් බැහැර විය යුතුය
- විශේෂ හේතුවක් මත එලිමහනේ සිටින්නෙකු වේ නම් එම ස්ථානයේ සිට නිසි පරිදි ගාථා සජ්ජායනය කළ යුතුය
පාසලට පැමිණීම හා පිටව යාම
- පාසලට එන අතරතුර සහ නිවස බලා යන අතරතුර නිළ ඇදුමෙන් කඩ සාප්පු වලට යාමෙන් වැළකිය යුතුය
- බස් රිය නැගීමේදී හා එහි ගමන් කිරීමේදී විනීතව හැසිරිය යුතුය
- මාර්ගය හරහා මාරු වීමේදී පදික මාරැව භාවිතා කළ යුතුය
- පාසල අවසන් වී නිවෙස් බලා යන විට පාරේ දකුණු පසට වී දෙදෙනා බැගින් ගමන් කළ යුතුය
පාසල තුල නීතිරීති මාලාව
- පන්තිභාර හෝ අදාල විෂය භාර ගුරැවරයාගේ අවසරයක් නොමැතිව පංති කාමරයෙන් බැහැරට නොයා යුතුය
- විවේක කාලය තුලදීහැර පංති කාමර වලින් බැහැරව පාසල් භූමිය තුල නිකරැනේ හැසිරීම නොකල යුතුය
- විද්‍යාලීය ආචාර්ය මණ්ඩලයට අවනත විය යුතු අතරම ගෞරව කළ යුතුය
- පාසල් වෙලාව තුල විදුහල්පතිගෙන් අවසරයක් නොමැතිව පාසලෙන් පිටවීම නොකල යුතුය
- පාසලේ පරිපාලන කටයුතුවලදී ශිෂ්‍යනායක නායිකාවන් යොදවා ඇති බැවින් සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම විද්‍යාලීය ශිෂ්‍යනායක නායිකාවන්ගේ අණට කීකරැ විය යුතුය.
- පාසල තුලදීත් පාසල් නිළ ඇදුමින් බැහැරව සිටින අවස්තාවලදීත් ජංගම දුරකතන ,කැසට් පට ,සංයුක්ත /සංඛ්‍යාංක තැටි(CD,DVD) දත්ත ගබඩා කරන උපකරන(PEN DRIVE,MEMORY CHIP) නොගැලපෙන පුවත්පත් ,නවකතා ,කෙටිකතා හා කැමරා(ජායාරෑප සංගමයේ අවසරලත් අයට හැර) පරිහරනය සපුරා තහනම් අතර ඒවා පාසලට රැගෙන ඒමද තහනම්ය.
- පාසල් භූමිය තුල ජායාරෑප ගැනීම සදහා විදුහල්පතිතුමාගේ පූර්ණ අනුමැතිය ලබා ගත යුතුය.
- පාසලට අයත් බඩු භාහිරාදිය අනවසරයෙන් භාවිතා නොකල යුතුය.
- පාසලට ඇතුලු වූ මොහොතේ සිට පිටවන මොහොත දක්වා පාසල තුල ගමන් කිරීමේදී තනි තනිව පේලියට යා යුතුය.
- පිටස්තර පුද්ගලයන්ගේ පණිවිඩ පාර්සල්ආදිය භාර ගැනීමෙන් හා හුවමාරැ කර ගැනීමෙන් වැලකිය යුතුය.
- පාසල තුල පිහිටුවා ඇති විවිධ ඒ්තත සදහා වෙන් කර ඇති කාමර තුල ඒම ඒ්කකය භාර ගුරුභවතුන් නැතිව හෝ ඔහුගේ ඇයගේ අවසරය නොමැතිව ඒ් තුල රැදී සිටීම තහනම් වේ.
- පාසලින් බැහැර වීම සදහා පාසල තුල පවත්නා විධිමත් ආකාරය අනුගමනය කළ යුතුය.
- පාසලෙහි ඉගෙනුම් ඉගැන්වී්ම් ත්‍රියාවලිය විෂය සමගාමී කියාකාරකම් හා විෂය භාහිර කියාකාරකම් වලට සතියව දායක විය යුතුය.
පාසල් පරිසරය
- පාසල් භූමිය පිරිසිදුව තබා ගත යුතු අතර දේපල ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුය.
- පාසල් භූමියෙහි තැන තැන කසල දැමීම නොකල යුතු අතර තමා විසින් ඉවතලන සියල්ල තම නිවසට රැගෙන යා යුතුය .
- කෑම පෙට්ටිවල ආහාර ගෙන ආ යුතුය.
- පාසල තුලට පොලිතීන් රැගෙන ඒ්ම නොකල යුතුය..
- පාසල තුල ඇති ගහ කොළ වලට කිසිදු හානියක් නොකල යුතු අතර ඒවා ආරක්ෂා කල යුතුය.






